පුලුවන්නම් ඕක කරලා බලපන්.. ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවදනක්.. -
All News

පුලුවන්නම් ඕක කරලා බලපන්.. ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවදනක්..

පසුගිය දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් තිදෙනා ඇතුලු ජෙයශ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන්ට ලබාදුන් ඔවදනක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රැස්වීමකදී මාධ්‍ය හමුවේ මෙලෙසින් අදහස් පලකළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෝ තුන්දෙනයි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෝ තුන්දෙනාවයි ගෙන්නුවා. මන් එයාල එක්ක සාකච්ඡා කරද්දි මන් එයාලට ලෝකෙ ප්‍රධානම කෙනෙක් කරපු කතාවක කොටසක් පෙන්නලා කිව්වා ඒකෙ කියනවා කියලා අද ලෝකෙ ක්‍රීඩකයෝ වේවා මිනිස්සු වේවා හැමදේම කරන්නෙ ලයික් එකක් බලාපොරොත්තුවෙන් තමයි හැමදේම කරන්නෙ. කෑවත් බිව්වත් තැනකට ගියත් ගහක් උඩට නැග්ගත් ෆොටෝ එකක් ගහලා ඉන්ස්ටග්‍රෑම් එකේ දාල බලනවා ලයික් කීයක් එනවද කියලා. ෆේස්බුක් එකේ දානව ලයික් කීයක් එනවද කියලා. ක්‍රීඩකයන්ට සෙල්ලම් කරනවට වඩා ඕනේ ලයික් කීයක් තියෙනවද බලන්න තමයි හැමදේම කරන්නෙ.

දැන් සමහර කට්ටිය ඉන්නව කමෙන්ට්ස් බලලනෙ කවුද චන්දෙ දිනන්නෙ කියලා තීරණය කරන්නෙ. ඒ වගේ වැඩක් තමයි මේ ලංකාවෙ දරුවන්ට වෙලා තීන්නෙ. මම ඉස්කෝලෙන් Out වුනේ 99 යේ. ඒ එළියට එන කාලේ ෆෝන් ආපුම කාලෙ. ඒ කාලෙ තිබ්බෙ නෑ ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් අරව මේවා තිබ්බෙ නෑ. රනිල් වික්‍රමසිංහට තීන්නෙ ඔබන ෆෝන් එකක්. ඒ හින්දා එතුමට ප්‍රශ්ණ නෑ. අපිටනෙ මේ අන්න අරූ මට බැනලනේ මන් උබට දෙන්නම් කියාලා ඊටපස්සෙ ඕක පස්සෙ යනවා. කාලය කොච්චර නාස්ති කරගන්නවද. මේක තමයි ඉතින් අද ලංකාවෙ තත්වය. මම ඇතුලුව මාත් බලනවා සති දෙකකට හරි ඕක නවත්තන්න පුලුවන්නම් අන්න එදාට මම දිනුම්.

අපි ඕක ක්‍රිකට් කණ්ඩායමටත් කිව්වා පුලුවන්නම් ඕක කරලා බලපන් අන්න එදාට පොඩි විශ්වාසයක් ඇතිවෙන්න පුලුවන් වෙයි කියලා මොකද අපි ක්‍රීඩාව ගැන හිතයි කියලා. ඕනෙ ක්‍රීඩකයෙක්ට තියෙන්නෙ පොඩි කාලයක්. හැමදාම සෙල්ලම් කරන්න බෑ. අවුරුදු පහක් හයක් වගේ තමා තීන්නෙ. ඒගෝලලන්ගෙ පීක් එක තියෙන කාලෙ ඒගොල්ලො සෙල්ලම් කරනවා වෙනුවට වෙන දේකට යොමුවුනොත් ඒ අත්දැකීම ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම අතපසු වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button