වසර 16කට පසු නවසීලන්තය දඟපන්දු යවන්නෙක්ගෙන් කඩුලු 5ක්.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරඟ දෙකෙකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයෙන් ලකුණු 172ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
ඕස්ට්‍රේලියා කණ්ඩායම පලමු ඉනිමේදී ලකුණු 383ක් ලබාගත්තත්, දෙවෙනි ඉනිමේදී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණයි.
ඕස්ට්‍රේලියා දෙවන ඉනිමේ කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවීමට නවසීලන්තය ක්‍රීඩක Glenn Phillips සමත්වුණ අතර එය, 2008 වසරෙන් පසුව නවසීලන්ත දඟපන්දු යවන්නෙක් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පලමු අවස්ථාවයි.
මීට පෙර 2008 දී, Jeetan Patel බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයේදී කඩුලු 5ක් දවාගැනීමට සමත්වී තිබෙනවා.
වසර 16කට පසු නවසීලන්ත දඟපන්දු යවන්නෙක් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් අවස්ථාව වීඩියෝ එක,
– 71(70) with the bat.
— CricketMAN2 (@ImTanujSingh) March 2, 2024
– 5/45 with the ball.
– First NZ spinner to picked 5 wicket haul in NZ in Tests.
– GLENN PHILLIPS, WHAT A CRICKETER…!!!! ⭐ pic.twitter.com/1NFfAthpHE