කුසල් මෙන්ඩිස් සමඟින් අද ඉනිම ආරම්භ කරන ක්‍රීඩකයා නම් කරයි.. -
All News

කුසල් මෙන්ඩිස් සමඟින් අද ඉනිම ආරම්භ කරන ක්‍රීඩකයා නම් කරයි..

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟය අද (4) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30ට ආරම්භ වීමට නියමිත වන අතර, අද දින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.

නිමාවූ ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී අවසන් විස්සයි විස්ස තරඟයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට, අවිශ්ක ප්‍රනාන්දු විස්සයි විස්ස සංචිතයට කැඳවූ අතර, Daily News වෙබ්අඩවියේ සඳහන් වන ආකාරයට, අද දින කුසල් මෙන්ඩිස් සමඟින් අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහරදීමට නියමිතයි.

අවිශ්ක ප්‍රනාන්දු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉනිම් 15ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 182ක් පමණයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 33ක් වන අතර, පිතිකරණ සාමාන්‍යය 12.13කි.

කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉනිම් 40ක් ක්‍රීඩා කරමින් ලකුණු 1139ක් ලබාගෙන සිටින අතර, අර්ධ ශතක 12ක් වාර්තාකර තිබෙනවා. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 79ක් වන අතර, පිතිකරණ සාමාන්‍ය 29.97ක්.

තරඟය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න >>> See more

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button