“ඇන්ජි අයියේ… මොකක්ද දාන්නේ”- චරිත් අසලංක -
Fan talkVideo

“ඇන්ජි අයියේ… මොකක්ද දාන්නේ”- චරිත් අසලංක

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟාවලිය ආරම්භ කරමින් පැවතී පලමු තරඟයෙන්ම ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 208ක ඉලක්කයක හඹායෑමේදී බංග්ලාදේශය කණ්ඩායමට අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍ය වූ අතර, ඒ මොහොතේ දී කණ්ඩායමේ නායකයා වූ චරිත් අසලංක, කණ්ඩායමේ ඡේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් පන්දුව දැමීමට උපදෙස් ලබාගත්තේ මෙලෙසින්, (උපුටා ගැනීම Prishon H Silva)

“ඇන්ජි අයියේ , මොකද්ද දාන්නේ ” – චරිත් අසලංක

ඊයේ අන්තිම බෝලේ දස්සා දාන්න කලින් ඇන්ජිව ගෙන්නගෙන captain අසලංක ඔන්න ඔහොම අහනවා.
ඊටපස්සේ දස්සා අන්තිම බෝලේ තැනටම දාලා match එක දිනනවා.
ඒ අන්තිම බෝලේ දාල ඉවර වුණ ගමන් ඇන්ජි අත් උඩ දාගෙන පැනගෙන ආවේ දස්සා ගාවට. දස්සත් පැන්න ගමන්ම ඇන්ජිව බදාගෙන සතුට සැමරුවා.

කාලයක් social media වල ඇන්ජි හා දස්සා අතරේ ගැටුමක් තියෙනව වගේ එකක් ගියා. ඇන්ජිගේ fans ලා දස්සව troll කලා. දස්සගේ fans ලා ඇන්ජිව troll කලා.
ඒ හැමෝටම ඇන්ජියි දස්සයි හොඳ උත්තරයක් දුන්නා.

අසලංකයි වනිඳුයි නායකයෝ විදියට දස්සගෙනුයි ඇන්ජිගෙනුයි නියමෙට වැඩ ගන්නවා.
ඇන්ජි වගේම දස්සාත් දැන් t20 කණ්ඩායමේ senior player කෙනෙක් වෙලා හමාරයි.
Senior players ලව අරහන් වෙලා තිබ්බ කාලයකුත් තිබ්බා.
නවකයො වෙනම , ජ්‍යෙෂ්ඨයො වෙනම කියල කණ්ඩායම දෙකට බෙදලා තිබ්බ කාලයකුත් තිබ්බා. දැන් ඒ කාලේ ඉවරයි.

දස්සටත් අමතක වෙලා තිබ්බ all rounder දස්සව මේ අලුත් කැපාලා දෙන්නා එලියට ගත්තා.
Team එකෙන් එලියට දාල තිබ්බ ඇන්ජිගෙනුත් මේ අලුත් කැපාලා වැඩ ගන්නවා. දැන් තියෙන්නේ නවකයොයි ජ්‍යෙෂ්ඨයොයි එකට එකතු වෙලා ක්‍රීඩා කරන කාලයයි.

දස්සා කැපාවෙලා ඉන්න කාලේ ඇන්ජිව ටීම් එකට ගන්න අවස්ථාව තිබ්බ නම් සමහරවිට දස්සගෙ captaincy records තව හොඳ වෙන්න තිබ්බා. අවාසනාවට දස්සට ඒ chance එක ගන්න බැරි වුණා.

සටහන Prishon H Silva (Follow)

එම වීඩියෝ එක මෙන්න,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button