චරිත් අසලංකට කණ්ඩායමෙන් ලැබුණු වටිනා ත්‍යාගය. -
Video

චරිත් අසලංකට කණ්ඩායමෙන් ලැබුණු වටිනා ත්‍යාගය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවතී පලමු විස්සයි විස්ස තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 3ක ජයක් වාර්තකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

එහිදී, නිත්‍ය නායක වනිදුගේ තරඟ තහනම හේතුවෙන්, මෙම කණ්ඩායම මෙහෙය වූ චරිත් අසලංක, තරඟයේ වීරයා සම්මානය ද දිනාගැනීමට සමත්වුණා.

ඔහු පිත්තෙන් වේගවත් ලකුණු 44 රැස්කරගැනීමට සමත්වූයේ පන්දු 21කට පමණක් මුහුණදෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් ඇතුලත් වුණා. අනතුරුව පන්දු රැකීමේදී විශිෂ්ඨ උඩපන්දු 3ක් ද රැකගැනීම ඔහු සමත්වුණා.

චරිත් අසලංකගේ මෙම පන්දු රැකීමේ දස්කම් හේතුවෙන්, තරඟයෙන් අනතුරුව කණ්ඩායමෙන් ලබාදෙන “Orange Cap and the Coin” සම්මානය ඔහුට හිමිවුණා. මෙම සම්මානය ලබාදෙන්නේ කණ්ඩායමේ පන්දු රැකීමේදී ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයින්ව දිරිගැන්වීමට සඳහායි.

චරිත් අසලංකගේ හයේ පහර හය විශිෂ්ඨ එක.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button