දෙවෙනි T20 තරඟයේදී කණ්ඩායමේ වෙනසක්. -
News

දෙවෙනි T20 තරඟයේදී කණ්ඩායමේ වෙනසක්.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, පලමු විස්සයි විස්ස තරඟය අතරතුරේදී සුළු ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දෙවෙනි විස්සයි විස්ස තරඟයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බවට වාර්තාවෙනවා.

පලමු තරඟයේදී ඔහු පලමු පන්දුවාර ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළත්, ඉන් අනතුරුව ඔහුව දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර, වයිඩ් පන්දුද දැමීම හේතුවෙන් ඔහුගෙන් විශාල ලකුණු ප්‍රමාණයක් බංග්ලාදේශ කණ්ඩායම හිමිවුණා. (ලකුණු 56 | පන්දුවාර 4)

මතීෂ පතිරණ විවේක ගැන්වීම හේතුවෙන් අද (6) දෙවෙනි තරඟය ඩිල්ශාන් මධුශංක හෝ නුවන් තුශාර සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button