විස්සයි විස්ස පිටියේ දුර්වලම පිතිකරුවන් අතර අවිශ්ක අංක 01 ට -
Records

විස්සයි විස්ස පිටියේ දුර්වලම පිතිකරුවන් අතර අවිශ්ක අංක 01 ට

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පිතිකරණ අංක 1 සිට 4 ක් දක්වා පිතිකරණයේ යෙදුනු පිතිකරුවන් අතරින් ඉනිම් 30 කට වඩා ක්‍රීඩාකල දුර්වලම පිතිකරණ සාමාන්‍යයක් සහිත පිතිකරුවා බවට අවිශ්ක ප්‍රනාන්දු පත්ව තිබෙනවා. ඒ 11.26 ක දුර්වල් පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගනිමින්.

අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 35 ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු රැස් කර ඇත්තේ ලකුණු 341 ක් පමණයි. ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාවද වන්නෙ ලකුණු 37 කි. ප්‍රහාරාත්මක වේගයද 92 ක වැනි දුර්වල අගයක් ඔහු පවත්වාගෙන යනු ලබනවා.

ජගත් අයිසීසී පූර්ණ සාමජිකයින් අතරින් දුර්වලම පිතිකරණ සාමාන්‍යය හිමි මුල් පිතිකරුවන් 05 දෙනා අතරට තවත් ශ්‍රී ලාංකික පිතිකරුවෙක් සිටිනවා. ඒ දනුෂ්ක ගුණතිලකයි.


දුර්වලම පිතිකරණ සාමාන්‍යය හිමි පිතිකරුවන්( අංක 1 සිට 04 දක්වා)

  1. අවිශ්ක ප්‍රනාන්දු – තරග 35 – ලකුණු 341 – සාමාන්‍යය – 11.26 – ප්‍රහාරාත්මක වේගය – 92.92
  2. RM Chakabwa – තරග 39 – ලකුණු 582 – සාමාන්‍යය – 15.31 – ප්‍රහාරාත්මක වේගය – 124.89
  3. කරීම් සදික් – තරග 32 – ලකුණු 516 – සාමාන්‍යය – 16.12 – ප්‍රහාරාත්මක වේගය – 111.93
  4. දනිෂ්ක ගුණතිලක – තරග 45 – ලකුණු 738 – සාමාන්‍යය – 16.77 – ප්‍රහාරාත්මක වේගය – 121.58
  5. සෞම්‍යා සාකර් – තරග 68 – ලකුණු 1159 – සාමාන්‍යය – 18.10 – ප්‍රහාරාත්මක වේගය – 124.22

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button