Soumya Sakar දැවී නොගියේ ඇයී?? වීඩියෝ එක මෙන්න.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයේ පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 166ක් ලබාගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගිය අතර, නායක චරිත් අසලංක පන්දු 14කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 22කදී වේගවත් ලකුණු 36ක් ලබාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී නොදැවී ලකුණු 32ක් හා දසුන් ශානක පන්දු 18කදී නොදැවී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා.
අනතුරුව, ලකුණු 166ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පැමිණී බංග්ලාදේශය සාර්තක ආරම්භයක් ලබාගත් අතර, බිනුර ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ ඉනිමේ 3 වන පන්දුවාරයේදී පලමු පන්දුවෙන් Soumya Sarkar දැවීගිය අතර, අනතුරුව ඔහු රිවීව් අවස්ථාව ලබාගැනීමෙන් අනතුරුවත් පන්දුව පිත්තේ ගැටෙන බව නිරීක්ෂණය වුවත්, ඔහු නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරුණා.
එම අවස්ථාව වීඩියෝ එක මෙන්න,