චමරිගෙන් නැවතත් විශිෂ්ට පන්දුයැවීමක්. -
IPL-WomenVideo

චමරිගෙන් නැවතත් විශිෂ්ට පන්දුයැවීමක්.

ඉන්දීය කාන්තා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 14 වන තරඟය Up වොරියර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී ලකුණු 42 ක පහසු ජයක් හිමිකරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 160 ක් රැස්කළා. මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ ආරම්භක කඩුලු දෙකම දවාගනිමින් චමරි අතපත්තු සිය පන්දුවාර හතර ලකුණු 27 කට සීමාකරමින් නැවතත් සාර්ථක පන්දුයැවීමක නිරතවුණා. ( චමරි අතපත්තු ලබාගත් කඩුලු දෙක පහතින් නැරඹිය හැකියි )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Up Warriors කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 118 ක් පමණයි. මෙම තරඟයේදීත් චමරි අතපත්තුට පිතිකාරිණියක ලෙසින් සාර්ථක වීමට හැකිවුණේ නෑ. ඇය ලකුණු 03 කට දැවීගියා.

චමරි අතපත්තු ලබාගත් කඩුලු ද්විත්වය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button