විනිසුරුගේ වැරදි තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්. ඊයේ වැරදුණු තැන් ගැන නවීඩ් පහදයි. -
Conference

විනිසුරුගේ වැරදි තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්. ඊයේ වැරදුණු තැන් ගැන නවීඩ් පහදයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමත් සමඟින් තරඟාවලියේ 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම ඊයේ (6) සමත්වුණා.

ඊයේ තරඟයේදී ආන්දෝලනයකට ලක්වූ විනිසුරු තීරණය පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ සිදුවූ අතපසුවීම් පිළිබඳව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කළා.

වැරදි විනිසුරු තීරණය පිළිබඳව ඔහු දැක්වූ අදහස්.

” පිටියේ විනිසුරු එය දැවීයාමක් ලෙස තීරණය කරලා තිබුණේ. තෙවැනි විනිසුරුට පිටියේ විනිසුරු ලබාදුන් තීරණය වෙනස් කිරිමට නම් ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕනෙ. අපි ඒ වගේ දෙයක් දැක්කෙ නෑ. ඒක ඉතා පැහැදිලියි. පන්දුව පිත්තේ වැදුනා. අපි එය පුළුල් තිරයෙත් දැක්ක. මම හිතන්නෙ අපි තරඟ තීරකවරයා වෙත ගොස් එහි ඇත්තටම සිදුවුණේ මොකක්ද කියලා බලන්න වෙනවා. අපි ඒ සම්බන්ධව තරඟතීරකයා වෙත පැමිණිල්ලක් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා..”

ඊයේ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට බලපෑ හේතු ඔහු මෙලෙසින් සඳහන් කළා.

” අපිට ලකුණු 15-20 ක් වගේ මදි වුණා. මම හිතන්නෙ මේ වගේ තණතීරුවක සහ විශේෂයෙන් දෙවන ඉනිමේදී ටිකක් පින්න තියෙන අවස්තාවකදි.

කාසියේ වාසිය බලැපෑවා. අපි දැක්ක තරඟ දෙකේම බංග්ලාදේශය පවා දෙවනුව පන්දුවට පහරදුන්නෙ. ඔවුන් මුලින්ම පන්දුරැකීම තෝරා ගත්තා. ඒ නිසා මම හිතන්නෙ කාසියේ වාසිය තීරණාත්මකයි.

කමිඳු මෙන්ඩිස්ගෙ රනවුට් එක සහ චරිත්ගෙ දැවීයාම අපිට ගොඩක් පාඩුවුණා. ඒ විකට් දෙක බේරුණානම් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න තිබ්බා.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button