ආබාධයෙන් පසු පැතුම් නිශ්ශංක නැවතත් කණ්ඩායමට.. කලකට පසු ලහිරු කුමාරටත් කැඳවීමක්. -
News

ආබාධයෙන් පසු පැතුම් නිශ්ශංක නැවතත් කණ්ඩායමට.. කලකට පසු ලහිරු කුමාරටත් කැඳවීමක්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

පසුගිය ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලිය ක්‍රීඩාකළ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සහිතව ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට එක්වෙනවා. ශෙවෝන් ඩැනියෙල්ට කණ්ඩායමේ ස්තානය අහිමිවී ඇති අතර ආබාධයන්ට ලක්වූ දුශ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුට මෙම තරඟාවලිය අහිමිවෙනවා.

දුශ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු ආබාධවලට ලක්වීම හේතුවෙන් කලකට පසුව ලහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති අතර ආබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරඟාවලිය අහිමි වූ පැතුම් නිශ්ශංක ද එක්දින සංචිතයට නිම්කර තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය..

Pathum Nissanka , Avishka Fernando , Kusal Mendis (C) , Sadeera Samarawickrama , Charith Asalanka (VC) , Janith Liyanage , Wanindu Hasaranga , Dunith Wellalage , Pramod Madushan , Lahiru Kumara , Maheesh Theekshana , Dilshan Madushanka , Kamindu Mendis , Akila Dhananjaya , Sahan Arachchige , Chamika Karunaratne

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button