ඉන්දීය කාන්තා ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දුයැවීම පෙරීට.. -
All News

ඉන්දීය කාන්තා ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දුයැවීම පෙරීට..

මෙවර ඉන්දීය කාන්තා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ 19 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණා. මෙම තරඟයෙන් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 113 කට සීමාකිරීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. එහිදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා එලීස් පෙරී සිය පන්දුවාර හතර තුළ ලකුණු 15 කට කඩුලු 06 බිඳදැමීමට සමත්වුණා.

ඇය වාර්තා අතරට එක්වුණේ ඉන්දීය කාන්තා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ඉනිමක කඩුලු 06 ක් බිඳදැමූ පළමු සහ එකම ක්‍රීඩිකාව ලෙසයි. එලෙසම මෙය ඉන්දීය කාන්තා ප්‍රීමියර් ලීග් තරඟාවලියක වාර්තා වූ හොඳම පන්දුයැවීමද වෙනවා. ( ඇය දවාගත් කඩුලු පහතින් නැරඹිය හැකියි )

ලකුණු 114 ක පහසු ඉලක්කයක් හිමිවූ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 15 කදී එම ඉලක්කය හඹායමින් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කළා. එහිදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ එලීස් පෙරී නොදැවී ලකුණු 40 ක් වාර්තා කළා.

එලීස් පෙරීගේ සුපිරි පන්දුයැවීම ( Video )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button