ඉන්දීය සුපිරි වේගපන්දු යවන්නන් දෙදෙනෙක් IPL තරඟාවලියෙන් ඉවතට.. -
IPLLeague

ඉන්දීය සුපිරි වේගපන්දු යවන්නන් දෙදෙනෙක් IPL තරඟාවලියෙන් ඉවතට..

ඉන්දීය සුපිරි පන්දුයවන ක්‍රීඩක මොහොමඩ් ශමී සහ ප්‍රසීද් ක්‍රිශ්ණා හට මෙවර IPL තරඟාවලිය අහිමිවනවා. ඒ ඔවුන් දෙදෙනාම ආබාධ තත්ත්වයන්ට ගොදුරුවීම හේතුවෙන්.

වම් කකුල ආශ්‍රිත ආබාධ තත්වයක් හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසීද් ක්‍රීශ්ණා හට මෙවර IPL තරඟාවලිය අහිමි වන අතර දකුණු විලුඹ ආශ්‍රිත සැත්කමක් සිදු කිරීම හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන මොහොමඩ් ශමී හටද මෙවර IPL තරඟාවලිය අහිමිවෙනවා.

2024 IPL තරඟාවලිය එළඹෙන මාර්තු 22 වනදා ආරම්භ වන අතර පළමු තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button