විරාට් කෝලි විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට ??? -
News

විරාට් කෝලි විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට ???

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේදී සුපිරි පිතිකරු විරාත් කෝලි හට ඉන්දීය කණ්ඩායමේ ස්තානය අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ඉන්දීය වාර්තා වලට අනුව එහීදී ලැබෙන මන්දගාමී තණතිරූවල ක්‍රීඩාකිරීම විරාත් කෝලි හට නොගැලපීම සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවලට තරුණ ක්‍රීඩකයෙකුට අවස්තාව සලසා දීම සඳහා මෙම තීරණය ගනු ඇති බව වාර්තා වෙනවා.

2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව විරාත් කෝලි මේ දක්වා සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ දෙකකට පමණයි. එම තරඟ දෙක තුළද කෝලිට රැස්කරගැනීමට හැකි වී තිබෙන්නේ ලකුණු 29 ක් පමණයි. එහිදි එක් අවස්තාවක ඔහු ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජූනි 01 වෙනිදා සිට 29 වනදා දක්වා කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button