නුවන් තුශාර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් එක්වෙයි. -
All News

නුවන් තුශාර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් එක්වෙයි.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙම මස 24 වන දින ආරම්භ වන අතර, පලමු තරඟය ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් නායකත්වය දරන රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මහේන්ද්‍ර සිං දෝණී නායකත්වය දරන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තරඟ කිරීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ කණ්ඩායම් 4ක ශ්‍රී ලංකා ක්‍රීඩකයි 6 ඇතුළත් වන අතර, මහීශ් තීක්ශන හා මතීෂ පතිරණ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේත්, ඩිල්ශාන් මධුශංක හා නුවන් තුශාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාමේත්, වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් හා දුශ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අතරින්, බංග්ලාදේශයට එරෙහිව පැවතී තුන්වන විස්සයි විස්ස තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුශාර මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් එක්වී තිබෙනවා. එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button