ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජපානය සමඟින් ගිවිසුමක් අත්සන් කරයි. -
All News

ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජපානය සමඟින් ගිවිසුමක් අත්සන් කරයි.

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබෙන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර අද දින (13) එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලැබූවා.

අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය තානාපති කොටාරෝ කට්සුකි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ජපාන ක්‍රිකට් සංවර්ධන සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

මෙම එකඟතාවය අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ කිරීමේ අවස්ථාවත් හිමි වෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවත්, ජපානයේ ක්‍රීඩකයින් හට LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ද අවස්ථාව හිමිවනවා.

  • වසර 12කට පසු ශ්‍රී ලංකාවට පැමිණී ක්‍රිස් ගේල්ගෙන් ලෝක වාසීන්ට පණිවිඩයක්…see more

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button