ශ්‍රී ලංකා ඉනිම අවසන්. බංග්ලාදේශයට ලකුණු 256ක ඉලක්කයක්. -
All News

ශ්‍රී ලංකා ඉනිම අවසන්. බංග්ලාදේශයට ලකුණු 256ක ඉලක්කයක්.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5ක් අවසානයේදී ලකුණු 255කට සියලුම දෙනා දැවී ගියා.

ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු හා පැතුම් නිස්සංක සාර්ථක ආරම්භයක් ලබාගත්තත්, අවිශ්කගේ දැවීයාමෙන් අනතුරුව පැතුම් නිස්සංක හා සදීර සමරවික්‍රමත් දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 84කට කඩුලු 3ක් බිඳ වැටුනා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක හතරවන කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවක් ගොඩනැගූ අතර චරිත් අසලංක ලකුණු 18කට අවාසනාවන්ත ලෙස දැවීගියා. නායක කුසල් මෙන්ඩිස් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර එක්දින දිවියේ 29වන අර්ධ ශතකය වාර්තාකළ අතර, ඔහු ලකුණු 59කට දැවීගියා.

යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකරමින් සිය 3 වන එක්දින අර්ධ ශතකය වාර්තාකර ගැනීමට සමත්වූ අතර, මෙය ඔහු එක්දින පිටියේ පිට පිට ලබාගත් 3 වන අර්ධ ශතකයයි. ඔහු මේ වන විට පන්දුවට පහරදී ඇත්තේ ඉනිම් 4කට පමණයි.

පැතුම් නිස්සංක – 36 (28)
අවිශ්ක ප්‍රනාන්දු – 33 (33)
කුසල් මෙන්ඩිස් – 59 (75)
සදීර සමරවික්‍රම – 3 (5)
චරිත් අසලංක – 18 (37)
ජනිත් ලියනගේ – 66 (66)
වනිඳු හසරංග – 13 (14)

පන්දු යැවීමේදී Tanzim Hasan Sakib, Taskin Ahmed හා Shoriful Islam කඩුලු 3 බැඟින් දවාගත් අතර, Mehidy Hasan Miraz එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

සදීර සමරවික්‍රම දවාගැනීමට මුශ්ෆිකර් රහීම් රැකගත් සුපිරි උඩපන්දුව වීඩියෝ එක මෙන්න >>> Click

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button