ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හැසිරීම පිලිකුල්සහගතයි – මුශ්ෆිකර් රහීම් ?? -
Fact-checker

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හැසිරීම පිලිකුල්සහගතයි – මුශ්ෆිකර් රහීම් ??

විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව, තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අද (13) ආරම්භ වීමට නියමිත වන අතර, මෙම තරඟාවලියට පෙර බංග්ලාදේශ හිටපු නායකයෙක් වන මුශ්ෆිකර් රහීම් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන පෝස්ට් කිහිපයක් දැකගන්නට තිබුණා.

එහි සඳහන් වන්නේ, මුශ්ෆිකර් රහීම් විස්සයි විස්ස තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ Time out Celebration එක සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ “විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හැසිරීම පිලිකුල්සහගතයි” යනුවෙනි.

” T20 තරගාවලිය පරාජය උන එක ගැන ඇත්තටම කනගාටුයි.පලවෙනි තරග 2 අපේ ක්‍රිඩකයො හොදින්ම ක්‍රිඩා කරා.ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ගෙ පිටියමැද හැසිරීමනම් පිලිකුල්සහගතයි. අපි එවැන්නක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුනෙ නෑ. බංගලාදේශය කියන්නෙ කොරොනා සීසන් එකේ ඔවුන් අසරණ වුන අවස්තාවෙදි ඔවුන්ට ආහාර පාන ලබා ගැනීමට නය ආධාර පවා ලබාදුන් රටක්.හෙට ඇරබෙන්නෙ අලුත් තරගාවලියක්.

අපිට හොද එක්දින කණ්ඩායමක් සිටිනවා අපි ලෝක කුසලාන තරගාවලියත් ශ්‍රි ලංකාවට වඩා හොදින් ක්‍රීඩා කරලා ඉහලින් සිටියා.ක්‍රිඩකයෙක් විදියට මම ශ්‍රි ලංකාවට එරෙහිව හැමදාම හොදින් ක්‍රීඩා කරලා ලකුණු රැස් කලා ඉතින් මෙ තරගාවලියත් හොදින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරවලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා” – මුෂ්ෆිකර් රහීම්

මෙලෙසින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් SRI LANKA CRICKET LIONS අප සොයා බැලූ අතර, ඒ ආකාරයෙක් මුශ්ෆිකර් රහීම් ප්‍රකාශයක් කළ නොමැති බවටයි අපිට දැනගන්නට ලැබුණේ. ඒ අනුව සමාජ මාධ්‍යයේ හුවමාරු වන මෙහි කිසිඳු සත්‍යතාවයක් නැති බව අප ඔබට දැනුම් දෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button