අපි හිතුවෙ නෑ මෙච්චර පින්නක් තියේවි කියලා. ජනිත් ලියනගේ පරාජයට හේතු පහදයි. -
Conference

අපි හිතුවෙ නෑ මෙච්චර පින්නක් තියේවි කියලා. ජනිත් ලියනගේ පරාජයට හේතු පහදයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරඟයෙන්, කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම ඊයෙ (13) සමත්වුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළකරමින් ජනිත් ලියනගේ, ඊයේ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට හේතු පැහැදිලි කළා. ඔහු පවසා සිටියේ ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ක්‍රීඩාංගණයේ පින්න තිබූ බවයි.

ජනිත් ලියනගේ දැක්වූ අදහස්..

” ඇත්තටම පින්නත් එක්ක පන්දුරැකීමත් අසීරුවුණා. ඔබ දැක්ක ඒ වෙලාවෙ අපිට පන්දුයැවීම පවා අසීරුවුණා.

තරඟයේ ගෞරවය බංග්ලාදේශ පිතිකරුවන්ට හිමිවිය යුතුයි. ඔවුන් ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදුනා. ශැන්ටෝ ඉතාම හොඳින් පන්දුවට පහරදුන්නා ඒ වගේම මුශ්ෆිකර් අයියත් හොඳින් ක්‍රීඩාකළා.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 92-4 ක් ගිහිල්ල තිබුණු වෙලාවෙ අපිට ලොකු අවස්තාවක් තිබ්බා තරඟය ජයග්‍රහණය කරන්න නමුත් පින්න පැමිණීමත් එක්ක පන්දුයවන්නන්ට ගොඩක් අපහසු වුනා. පන්දුව තෙත් වෙන්නත් පටන්ගත්තා.”

කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසු පැනයකට ජනිත් ලියනගේ මෙලෙසින් අදහස් පලකළා.

” අපි මෙච්චර ලොකු පින්නක් බලාපොරොත්තු වුනේ නෑ. ඒකයි අපි පළමුව පන්දුවට පහරදෙන්න තීරණය කළේ. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button