ඇන්ජලෝ පෙරේරාගේ විශිෂ්ඨ ශතකය රාජස්ථාන් කණ්ඩායමට ජයගෙන එයි. -
All News

ඇන්ජලෝ පෙරේරාගේ විශිෂ්ඨ ශතකය රාජස්ථාන් කණ්ඩායමට ජයගෙන එයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ 13 වන තරඟය ලෙස පැවතී Delhi devils හා Rajasthan kings අතර තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට Rajasthan kings කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් Delhi devils කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේදී කඩුලු 6කට ලකුණු 164ක් වාර්තාකළ අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සුරේෂ් රයිනා පන්දු 39කදී හතරේ පහර 8ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 79ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 165ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Rajasthan kings කණ්ඩායම පන්දුවාර 13.4ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තාකර ගත්තේ, ඇන්ජලෝ පෙරේරාගේ විශිෂ්ඨ ඉනිමත් සමඟිනි.

රාජස්ථාන් ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා පන්දු 43කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 16ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබාගැනීමට සමත්වූ අතර, Peter Trego පන්දු 27කදී නොදැවී ලකුණු 42ක් ලබාගැනීමට සමත්වුණා.

තරඟයේ වීරයා විශිෂ්ඨ ශතකයක් ලබාගත් ඇන්ජලෝ පෙරේරා යි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button