එදාට වඩා මම දැන් පරිණත ක්‍රීඩකයෙක් – මුශ්ෆිකර් රහීම් -
Conference

එදාට වඩා මම දැන් පරිණත ක්‍රීඩකයෙක් – මුශ්ෆිකර් රහීම්

තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම පහසු ජයක් වාර්තාකර ගැනීමට සමත්වූයේ නායක ශැන්ටෝගේ විශිෂ්ඨ ශතකයක් ද සමඟිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ඡේෂ්ඨ ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් ද අර්ධ ශතකයක් රැස්කර ගත්තා.

මෙම තරඟයෙන් අනතුරුව මාධ්‍යවේදියෙක් අතීත සිදුවීමක් යළි මතක් කර දෙමින් මුශ්ෆිකර් රහීම්ට යොමුකළ ප්‍රශ්නයකට ඔහු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේහි හුවමාරු වනු දැකගන්නට තිබුණා. එම ප්‍රකාශයෙහි සඳහන් වන්නේ මෙවැන්නක්,

“අපි තරඟය ජයග්‍රහණය කළ මොහොතේ අපි 2018දී ශ්‍රී ලංකාවේදී ඔවුන්ව පරාජයට පත්කළ මොහොත මතක් වුණා. මට ඒ වෙලාවේ නැවත එසේ සිදුකිරීමට (නයා පෙන්වීම) සිතුනත්, මම එසේ සිදුනොකර ඉන්න තීරණය කළා. මොකද, එදා සිටියාට වඩා මම දැන් පරිණත ක්‍රීඩකයෙක්”

උපුටා ගැනීම අවසන්.

තරඟාවලියේ දෙවන තරඟය අද (15) පැවැත්වීමට නියනිත වන අතර, මෙම තරඟය ජයගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්යයි වනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button