දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්..? -
News

දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්..?

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන එක්දින තරඟය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් හවස 2ට ආරම්භ වීමට නියමිත වන අතර, පලමු තරඟයේ පරාජය හේතුවෙන් තව දුරටත් තරඟාවලියේ රැඳීසිටීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබෙනවා.

මේ අතර, පලමු තරඟය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද තරඟය සඳහා බොහෝවිට වෙනස්කම් දෙකක් සිදුකිරීමට නියමිත බව Ceylon today නිව්ස් වෙබ් අඩවිය සඳහන් අර තිබෙනවා.

ඒ පෙර තරඟයේදී සුළු ආබාධ තත්වයකට මුහුණදුන් ලහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්න සහ පන්දු යැවීමේදී එතරම් සාර්ථක වීමට නොහැකි වූ මහීශ් තීක්ශන වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට එක්වීමට නියමිත බවටයි සඳහන් වන්නේ.

ලංකාවේ තවත් ලසිත් මාලිංග වගේ පන්දු යවන්නෙක් ඉන්දියාවේ අවධානයට, M.S දෝණී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට කැඳවීමටද තීරණයක් >>> Read

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button