පැතුම් හා අසලංක වාර්තාවක් තබයි. ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්. -
Match Results

පැතුම් හා අසලංක වාර්තාවක් තබයි. ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර දෙවන එක්දින තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබාගත් අතර, බංග්ලාදේශය ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 45කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් හා ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ලක් බිඳ දැමූවා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවීගිය අතර, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 43ක් වන විට කඩුලු 3ක් දැවී අසීරු තත්වයකට පත්වුණා.

නමුත්, ඉන් අනතුරුව පැතුම් නිස්සංක සමඟින් එක්වූ චරිත් අසලංක ආරක්ෂාකාරීව ඉනිම ගොඩනඟමින් 4 වන කඩුල්ල සඳහා ලකුණු 185ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා. පැතුම් නිස්සංක 6 වන එක්දින ශතකයත් සමඟින් ලකුණු 114ක් ලබාගත් අතර, චරිත් අසලංක ලකුණු 91කදී අවාසනාවන්ත ලෙස දැවීගියා. චරිත් හා පැතුම්ගේ මෙම සබඳතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟයකදී 4 වන කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාවයයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ අර්ජුන රණතුංග හා රොශාන් මහානාමයි. ඔවුන් දෙදෙනා 1997 දී 4 වන කඩුල්ල සඳහා නොදැවී ලකුණු 171ක සබඳතාවක් වාර්තාකර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබාගනිමින් තරඟය ජයගත් අතර තරඟයේ වීරයා සම්මානය ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක දිනාගත්තා.

වනිඳු හසරංග ලබාගත් කඩුලු 4 වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button