ලිට්න් දාස්, කුසල් මෙන්ඩිස්ගේ වාර්තාවක් තමන් සතුකරගනී. -
Records

ලිට්න් දාස්, කුසල් මෙන්ඩිස්ගේ වාර්තාවක් තමන් සතුකරගනී.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද (15) චිතගොර්න් හිදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවාගැනීමට දිල්ශාන් මදුසංක සමත්වුණා. ඒ ලිට්න් දාස්ව ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවමින්.

මෙම දැවීයාමත් සමඟින් 2015 වසරෙන් පසුව එක්දින ජාත්‍යන්තර පිටියේ වැඩිම වතාවක් ලකුණු 00 ට දැවීගිය පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ලිට්න් දාස් සමත්වුණා. ඒ ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සමඟ සමතැන් ගනිමින්. ඔවුන් දෙදෙනාම 2015 වසරේ සිට 14 වතාව බැඟින් ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.

නමුත්, ක්‍රීඩා කර ඇති ඉනිම් සංඛ්‍යාව අනුව ඉදිරියෙන්ම සිටින්නේ ලිට්න් දාස් වේ.

2015 වසරෙන් පසු එක්දින පිටියේ වැඩිම වාරගණනක් 0 දැවිගිය ක්‍රිඩකයෝ.

Litton das – 14 (90 inns)
Kusal mendis – 14 (125 inns)
Aaron finch – 13 ( 107 inns)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button