තරඟයෙන් අනතුරුව ලබාදෙන Gold Coin එක කුසල් මෙන්ඩිස්ට. -
News

තරඟයෙන් අනතුරුව ලබාදෙන Gold Coin එක කුසල් මෙන්ඩිස්ට.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන එක්දින තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමත් සමඟින් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 47.1කදී හඹා යෑමට සමත්වූයේ චරිත් අසලංක හා පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ඉනිම් දෙක සමඟිනි.

තරඟයෙන් අනතුරුව, කණ්ඩායමේ හොඳින්ම පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ ක්‍රීඩකයාට, ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලබාදෙන Orange Cap සහා Gold coin එක කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට හිමිවුණා. මෙවර් එම ත්‍යාගය ලබාදුන්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියයි.

පැතුම් නිස්සංක සහා චරිත් අසලංක වසර 27ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්වුණා >>> සම්පූර්ණ විස්තරය කියවන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button