බංගලි මාධ්‍ය වනිඳු පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්ණ කරයි. -
Conference

බංගලි මාධ්‍ය වනිඳු පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්ණ කරයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන එක්දින තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමත් සමඟින් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි තරඟය පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව අදහස් දැක්වුවා.

ඔහු දැක්වූ අදහස්..

” එම ඉලක්කය හඹා ගිය එක ක්ශණිකව සිදුවූ දෙයක්. මොකද අපි හොඳ ආරම්භයක් ලබාගත්තෙ නෑ. නමුත් හතරවෙනි කඩුල්ලට පැතුම් සහ චරිත් හොඳ සබඳතාවයක් ගොඩනැඟුවා. අවාසනාවකට ඔවුන්ට තරඟය ඉවරකරන්න බැරිවුණා. ඒත් ඔවුන්ගෙ පිතිකරණය ඉතාමත් ඉහළයි.”

බංග්ලාදේශ මාධ්‍යවේදියෙක් වනිඳු මොනවද මේ කණ්ඩායමේ කරන්නේ, ඔහුට හොදින් පන්දුවට පහර දෙන්නත් පුලුවන් යනුවෙන් ඇසූ ප්‍රශ්ණයකට කණ්ඩම්බි පිළිතුරු දුන්නේ මෙලෙසින්..

” ක්‍රීඩකයෙක්ට දක්ශතා අතරට එන්න බැරිවෙන දවස් තියෙනවා. වනිඳු දක්ශ ක්‍රීඩකයෙක්. ඔහු කැමතියි කඩුලු දවාගන්න. ඒ වගේම පන්දු රැකීමෙනුත් කණ්ඩායමට දෙයක් කරන්න උත්සහ කරනවා. වනිඳු පන්දුවට පහරදෙනකොටත් එසේම තමයි.

විස්සයි විස්ස තරඟාවලියෙදිත් ඔහු ඒ දේ කරලා පෙන්නුවා. දැන් එක්දින තරඟාවලියේත් ඔහුට ඒ දේ කරන්න අවස්ත්වා තියෙනවා.

පිතකරුවෙක් ලෙස වනිඳු දිගු ඉනිම් ක්‍රීඩාකළ යුතුයි. මම හැමවෙලාවෙන කියන්නෙ ඔහුට තරඟ නිමාකරන්න කියලා. ඔහුට අද ඒක කරන්න බැරිවුණා. ඒවා තමයි අපි හදාගන්නඕනෙ දෙවල්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button