වනිදුට නැවතත් තරග තහනමක් ?? -
News

වනිදුට නැවතත් තරග තහනමක් ??

ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන එක්දින තරගයේදී විනිසුරු විවේචනය කිරීමේ සිද්ධියකට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තරගයේදී වනිදු රිශාඩ් හොසේන්ව කඩුල්ල මුවා කල වරදට ඉල්ලීමක් කලත් විනිසුරු එය දැවීයාමක් ලෙස ලබා නොදීම හේතුවෙන් එය තෙවන විනිසුරු වෙත යොමු කලා. එහිදී එය දැක්වුනේ පිටියේ විනිසුරුගේ තීරණය ලෙසයි. එම අවස්ථාවේ වනිදුගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරක වෙත පැමිනිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වනවා.

මීට පෙරද ඇෆ්ගනිස්තාන තරගාවලියේ විනිසුරු සමග ප්‍රශ්නයක් ඇති කරගත් නිසා ලබා දුන් දඩුවම් ලකුණුත් නිසා මෙම සිද්ධියක වරදකරු වුවහොත් ජාත්‍යන්තර තරග කිහිපයක තරග තහනමකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button