වනිදුට නැවතත් ජාත්‍යන්තර තරග තහනමක් -
News

වනිදුට නැවතත් ජාත්‍යන්තර තරග තහනමක්

ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගහට නැවතත් තරග තහනමක් පැනවී තිබෙනවා. ඒ පසුගිය ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන එක්දින තරගයේ විනිසුරුගේ තීරණය විවේචනය කිරීම නිසා. ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගොස් නැවත බංග්ලාදේශ සංචාරය සඳහා ටෙස්ට් පිටියට පිවිසි වනිදු හට එම තරගාවලියේ ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කිරීමට හැකි වන්නෙ නැහැ.

තෙවන එක්දින තරගයේ 37 වන පන්දුවාරයේ දී ක්‍රීඩකයන් සඳහා වන ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය යටතේ
“අන්තර්ජාතික තරගයකදී විනිසුරු තීරණයකට විරුද්ධත්වය පෙන්වීම ” යන වගන්තිය කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම තරග තහනම ලැබී ඇත.

වනිදුගේ මෙම ක්‍රියාකලාපය නිසා තරග ගාස්තුවෙන් 50% ක දඩයක් සහ දඩුවම් ලකුණු 03 ක් ලැබී තිබෙනවා. ඒ දඩුවම් ලකුණු 03 ත් සමග සමස්ථ දඩුවම් ලකුණු 08 ක් දැන් ඔහුට හිමිව තිබෙනවා. ඒ අනුව ඔහුට ටෙස්ට් තරග 02 ක් හෝ එක්දින තරග 04 ක් හෝ විස්සයි විස්ස තරග 04 යන ඒවගෙන් එකක් තරග තහනම ලෙස ලැබෙනවා. ඒ අනුවයි ඔහුට බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය අහිමිවන්නේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button