විකට් 5 කුත් අරන් සිගරට් එකකුත් බීලා කප් එක උස්සපු ඉමාඩ් -
League

විකට් 5 කුත් අරන් සිගරට් එකකුත් බීලා කප් එක උස්සපු ඉමාඩ්

පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ(18) මුල්තාන් සුල්තාන් කණ්ඩායම හා ඉස්ලාමාබාද් යුනයිටඩ් අතර පැවැත්වුනා.

කාසියේ වාසිය දිනාගත් මුල්තාන් සුල්තාන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා. ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 159 ක් රැස් කලා. උස්මාන් කාන් ලකුණු 57 යි. සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉමාඩ් වසීම් ලකුණු 23 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ඉස්ලාමාබාද් යුනියිටඩ් කණ්ඩායම් පන්දුවාර 20 අවසානයේ ලකුණු 163 ක් ලබාගනිමින් තරගාවලියේ ශූරතාව ලබාගත්තා. මුල්තාන් ඉනිමේ 17 වන පන්දුවාරයේ විශේෂ සිදුවීමක් වුනා. ඒ ඉස්ලාමාබාද් යුනයිටඩ් ක්‍රීඩක ඉමාඩ් වසීම් ක්‍රීඩාගාරයේදී දුම්වැටියක් පානය කරන අයුරු මාධ්‍යට සටහන් වීම. (එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නැරඹිය හැක.) කෙසේ නමුත් පන්දුවෙන් කඩුලු 05 ක්ද මෙන්ම පිත්තෙන්ද නොදැවී ලකුණු 19 ක් ද ලබාගනිමින් අවසන් මහ තරගයේ වීරයා ලෙසින්ද ඔහු පිදුම්ලැබුවා.

ඉමාඩ් වසීම් දුම්පානය කල වීඩියෝව.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button