ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් නම් කරයි. -
News

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් නම් කරයි.

බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ 2කින් යුත් තරඟාවලිය මාර්තු මස 22 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, පලමු තරඟය මාර්තු 22-26 දක්වා සහ දෙවන තරඟය මාර්තු 30 – අප්‍රේල් 3 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිළ වශයෙන් නම් කර ඇති අතර, සංචිතය සඳහා පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් වනිඳු හසරංග ද ඇතුළත් කර තිබෙනවා.

දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුත්, නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය,

Dhananjaya De Silva, Nishan Madushka, Dimuth Karunaratne, Kusal Mendis, Sadeera Samarawickrama, Dinesh Chandimal, Angelo Mathews, Ramesh Mendis , Wanindu Hasaranga, Kamindu Mendis , Lahiru Udara , Nishan Peiris, Prabath Jayasuriya, Lahiru Kumara, Vishwa Fernando, Chamika Gunasekara, Kasun Rajitha

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button