ඇලන් වෝකර් , විරාට් කෝලි මුන ගැසෙයි. -
All News

ඇලන් වෝකර් , විරාට් කෝලි මුන ගැසෙයි.

නෝර්වේජියානු DJ සහ සංගීත නිෂ්පාදකවරයෙක් වන ඇලන් වෝකර් , සුපිරි ඉන්දිය පිතිකරු විරාට් කෝලි මුන ගැසුනා. ඒ මෙවර අයිපීඑල් තරගාවලියේ RCB කණ්ඩායමේ Dressing Room එක තුළදීයි.

මෙම සුපිරි EDM කලාකරුවා සහ සුපිරි පිතිකරුවා අතර හුවමාරු වූ සුහද සංවාදය සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා. ඇලන් වෝකර් විසින් කෝලිට පුතෙක් ලැබීම පිලිබඳව සුබ පතනු ලැබුවා.

එම කතාබහ මෙසේයි.
ඇලන් – හෙලෝ මම ඇලන්.
කෝලි – ඔබ මුන ගැසීම සතුටක්.
ඇලන් – ඔබවත් මුන ගැසීම සතුටක්
කෝලි – ඔබව දකින්න ලැබීම සතුටක්. ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නවා.
ඇලන් – ස්තූතියි. නැවත පැමිනීම හොදයි. RCB කණ්ඩායම හා ඔබලාත් එක්ක වැඩ කරන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි. මට අහන්න ලැබුනා ඔබට දුවෙක් හම්බුනා කියලා .

කෝලි – මට පුතෙක් හම්බුනේ.
ඇලන් – පුතෙක්. වාව් . සුබ පැතුම්
කෝලි – ඔබට බොහොම ස්තූතියි.
ඇලන් – මම පිටියට පැමිනිලා පොඩ්ඩක් ඔබලත් එක්ක සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නවා.
කෝලි – හැමෝම බලන් ඉන්නෙ ඒකට

ඔවුන් දෙදෙනාගේ සංවාදයට අදාල වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button