නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට. -
News

නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවතී එක්දින තරඟාවලියෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නිකුත් කරන ලබන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අතරින් දෙවන එක්දින තරඟයේදී විශිෂ්ඨ ශතකයක් රැස්කර ගත් පැතුම් නිස්සංක ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් අංක 8 ස්ථානයට පැමිණ තිබෙනවා. එම තරඟයේදි පැතුම් නිස්සංක සමඟින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද අංක 16 සිට අංක 14 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊට අමතරව අවසන් එක්දින තරඟයේදී ශතකයක් ලබාගත් ජනිත් ලියනගේ අංක 87 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ස්ථාන 118ක් පසුකරමින්.

පන්දු යැවීමේ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් අංක 25 ස්ථානයේ හා ඩිල්ශාන් මධුශංක ස්ථාන 9කින් ඉදිරියට පැමිණ අංක 29 ස්ථානයේ රැඳීසිටිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button