මතීෂගේ පන්දු යැවීම ගැන අශ්වින් සිය කනස්සල්ල පළ කරයි. -
News

මතීෂගේ පන්දු යැවීම ගැන අශ්වින් සිය කනස්සල්ල පළ කරයි.

ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් , මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන තම කනස්සල්ල පල කර ඇත්තේ එය මතීෂගේ පිටුපසට දැඩි පීඩනයක් ගෙන දෙන බව ප්‍රකාශ කරමින්.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මාලිංගගේ ඉරියව්ව හා සසදා බැලීමේදි මතීශගේ පන්දුව නිදහස් කරන ස්ථානය ඉතාමත් පහතින් ඇති බවයි. ඒ නිසා ඔහුගේ පිටට දැඩි පීඩනයක් එල්ලවන බවත් ය.

“මතීෂට ඇති නමුත් මාලිංගට නොමැති ගැටලුව නම් මතීෂගේ පන්දුව නිදහස් කිරීමේ කෝනය ඉතාමත් අඩුවීමයි. එය ඔහුගේ පිටුපසට දැඩි පීඩනයක් ගෙන දෙනවා. ඔහු පන්දුව මුදා හරින විට ඔහුගේ ඉදිරිපාදය කඩා වැටෙනවා. ඒක ඉතාමත් වෙහෙසකරයි. ලසිත් මාලිංගගේ ඉරියව්ව ගත්තොත් ඒක ඉතාමත් ලස්සන පැත්තකට යන ඉරියව්වක්. මාලිංගගේ පිටුපස සහ පාද ක්‍රීස් එකට සමාන්තරව තිබෙන්නෙ. නමුත් පතිරණට ඒක නැ.”

අශ්වින් විසින් මාලිංග සමග මතීෂ ගැන සාකච්ජා කල බවද සඳහන් වෙනවා. තව දුරටත් අදහස් දැක්වූ අශ්වින්,

“මතීෂට මුහුණදීමේ අපහසුතාවය මට වැටහෙනවා. නමුත් ඔහු දැන් සිටින්නෙ වෙනත් ප්‍රශ්නයකටක් මුහුණ පාලා. මේක තාම මුල් අවදිය වෙන්න පුලුවන්. ඔහු ඔහුගේ ශරීරය තවත් ශක්තිමත් කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම මම මාලිංග එක්ක බොහොමයක් වැඩ කර තිබෙනවා. මාලිංග මට කිවේ ඔහු විශිෂ්ට ආයෝජනයක් බවයි. නමුත් මට හැගෙන්නේ ඔහුට සෑහෙන්න අපහසුතාවලට මුහුණ දීමට සිදු වෙයි කියලා.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button