චෙන්නායි පිළ ජයග්‍රහණයකින් IPL ආරම්භ කරයි. -
IPLLeague

චෙන්නායි පිළ ජයග්‍රහණයකින් IPL ආරම්භ කරයි.

2024 IPL තරගාවලිය සමාරම්භය අද(22) පැවැත්වුනා. තරගාවලියේ ආරම්භක තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම අතර පැවැත්වුනා. මෙවර චෙන්නායි පිළ IPL පිටියට පිවිසියේ නවක නායකයෙක් වන් රුතුරාජ් ගයික්වාඩ්ගේ නායකත්වයෙන්. කාසියේ වාසිය දිනාගත් RCB නායක ෆැෆ් ඩුප්ලෙසිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව ආරම්හක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක ෆැෆ් සමග විරාට් කෝලි. RCB කණ්ඩායමේ මුල් කඩුලු 03 ම දවාගැනීමට මුස්ටෆිසූර් රෙහ්මාන් සමත්වුනා. 78-5 ක් ලෙසව තිබූ RCB ඉනිම ලකුණු 173 ක් දක්වා ගෙන ඒමට අනූජ් රාවට් හා දිනේෂ් කාර්තික් සමත්වුනා. අනූජ් රාවට් පන්දු 25 කදී ලකුණු 48 ක් රැස් හයේ පහර 03 ක් සහ හතරේ පහර 4 ක් සමගින්. දිනේෂ් කාර්තික් පන්දු 26 කදී නොදැවී ලකුණු 38 ක් රැස් කලේ හයේ පහර 02ක් සහ හතරේ පහර 03 ක් සමගින්. සුපිරි පන්දු යැවීමක නිරත වූ මුස්ටෆිසූර් රෙහ්මාන් ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳ හෙලුවා. මහීෂ් තීක්ෂනට නම් අද සාර්ථක වන්නට හැකි වූයේ නැ. ඔහුගේ පන්දුවාර 4 ට ලකුණු 36 ක් ලබාගන්නට RCB පිතිකරුවන් සමත්වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් තුළදී නියමිත ඉලක්කය පසු කර යෑමට සමත්වුනා. වේගවත් ඉනිමක් ක්‍රීඩාකල රචීන් රවීන්ද්‍ර පන්දු 15 කදී ලකුණු 37 ක් රැස් කලේ හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 03 ක් සමගින්. ශිව්ම් ඩුබේ නොදැවී ලකුණු 34 ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 25 ක් රැස් කරමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. මෙම ජයත් සමග IPL ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්තානය වෙත පැමිනීමට Chennai Super Kings පිළ සමත්වුනා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button