කසුන් රාජිත, ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තාකර ගනී. -
All News

කසුන් රාජිත, ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තාකර ගනී.

(වීඩියෝ එක පහළින්) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට දනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 280ක් ලබාගත් අතර, එහිදී නායක දනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් විශිෂ්ඨ ශතක දෙකක් වාර්තා කරගැනීමට සමත්වුණා.

අනතුරුව සිය පලමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කණ්ඩායමට පලමු ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 188ක් පමණයි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමජ නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 48කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, කසුන් රාජිත, කඩුලු 3 බැඟින් දවාගනු ලැබුවා.

ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 418ක් ලබාගත්තේ, බංග්ලාදේශය කණ්ඩායමට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමිනි. පලමු ඉනිමේ මෙන්ම දෙවෙනි ඉනිමේදීත් ශතක වාර්තා කරගැනීමට කමිඳු මෙන්ඩිස් හා දනංජය ද සිල්වා සමත්වූයේ වාර්තා රැසක් අලුත් කරමින්.

අනතුරුව ලකුණු 511ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 182ක් පමණයි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 36කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් හා ලහිරු කුමාර කඩුලු 2ක් බිඳ දැමුවා.

කසුන් රාජිත ලබාගත් කඩුලු 5 වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button