මට පුලුවන්නම් IPL LPL බලන එක තහනම් කරන්න මම ඒකත් කරනවා – අර්ජුන රණතුංග -
Conference

මට පුලුවන්නම් IPL LPL බලන එක තහනම් කරන්න මම ඒකත් කරනවා – අර්ජුන රණතුංග

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවති උත්සවයකදී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අමතමින් මෙලෙසින් අදහස් පලකළා.

” මම ක්‍රීඩාකරපු ක්‍රිකට් ක්‍රීඩාවත් අද විනාශ කරලා තියෙන්නෙ. ඕගොල්ලො IPL ගහන්න LPL ගහන්න ඔය ලීග් ගහන්න නම් ක්‍රිකට් සෙල්ලම් කරන්නෙපා. ප්‍රදානම දේ තමයි ඕගොල්ලො ඉගෙනගන්නෝනෙ තාක්ශණය. මට පුලුවන්නම් මේ රටේ IPL LPL බලන එක තහනම් කරන්න මම ඒක කරනවා. අඩුගානෙ අවුරුදු 18 න් පහළ ළමයින්ටවත් පෙන්නන්නෙපා කියලා.

මොනවද අපි ඉගෙනගන්නෙ ක්‍රිකට් නෙමෙයි අපි ඉගෙනගන්නෙ. එක පැත්තකින් සූදු කොම්පැනි ටික ප්‍රචාරණය කරනවා. අනිත් පැත්තෙන් ක්‍රීඩාකයින්ගෙ තාක්ශණයක් ක්‍රිකට් කියන එකක් නෑ. ඔක්කොම විනෝදය විතරයි. ඉතින් මම මේ දරුවන්ගෙ ඉල්ලන්නෙ ටෙස්ට් මැච් එකක් බලන්න.. වන්ඩේ මැච් එකක් බලන්න.. T20 ත් ගහන්නෝනෙ ඒකත් බලන්න. මේ වගේ බලනකොට ඉගෙනගන්නෝනෙ තාක්ශණය.

ක්‍රිකට් වලට වෙලා තියෙන හානිය ක්‍රීඩාවයි අධ්‍යාපනයයි එකට ගිහින් නැති එක. දැන් පේනවනෙ ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයො හැසිරෙන විදිහ. මූලික දේ තමයි හරියට ඉගෙනගෙන නෑ. එයාල හරියට පොතේ දේවලුත් ඉගෙනගෙන නෑ. රටේ දේවලුත් ඉගෙනගෙන නෑ. එහෙම දරුවො ටිකක් නම් අපිට අවශ්‍ය නෑ..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button