ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක්. -
Video

ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක්.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තාකර ගැනීමට දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 418 හේතුවෙන් බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 511ක ඉලක්කයක් ලැබුණු අතර, තරඟයේ තුන්වන දිනය අවසන් වන විට ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 47කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

අද දිනය ආරම්භයේදී Taijul Islam ගේ කඩුල්ල කසුන් රාජිත විසින් ලබාගත් අතර, බංග්ලාදේශය කණ්ඩායමට සිය දෙවන ඉනිමේදීත් සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 182ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ටෙස්ට් තරඟය ලකුණු 328කින් ජයග්‍රහණය කළ අතර, බංග්ලාදේශය ඉනිමේ අවසන් කඩුල්ල දවාගැනීමට ලහිරු කුමාර සමත්වුණා.

එම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button