මතීෂ පතිරණ පන්දු යැවීමට පෙර කරපු ක්‍රියාව ගැන ඉන්දියාවේ අවදානයට.. -
Video

මතීෂ පතිරණ පන්දු යැවීමට පෙර කරපු ක්‍රියාව ගැන ඉන්දියාවේ අවදානයට..

(වීඩියෝ පහළින් නැරඹිය හැක) මෙවර IPL තරඟාවලියේ 7 වන තරඟය ලෙස පැවතී චෙන්නායි සුපර් කින්ග්ස් හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 63ක ජයක් වාර්තාකර ගැනීමට රුටුරාජ් ගයික්වාඩ්ගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

ආබාධයක් හේතුවෙන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟින් පැවතී පලමු තරඟය අහිමිවූ මතීෂ පතිරණ මෙම තරඟය ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු පන්දුවාර 4 තුළදී ලකුණු 29ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

මෙහිදී, මතීෂ පතිරණ පන්දු යැවීම ආරම්භ කිරීමට පෙර, හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිට වඳිනවා යැයි කියමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර මෙම ක්‍රියාව ප්‍රේක්ෂකයින්ගේ අවදානයට ලක්වී තිබෙනවා.

එම වීඩියෝව මෙන්න

නමුත් එහි සිදුවන්නේ මහේන්ද්‍ර සිං දෝණි අසල පන්දු යවන්නන් සිය දුර සලකුණු කිරීමට භාවිතා කරන මාර්කර් එක මතීෂ පතිරණ ඇහිඳ ගැනීමයි. එම වීඩියෝ එක පහළින්,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button