ශකීබ් අපේ කණ්ඩායමේ කෙනෙක් නෙමෙයි.. ඔයා ඒක බංග්ලාදේශයෙන් අහන්න – දනංජය ද සිල්වා -
Conference

ශකීබ් අපේ කණ්ඩායමේ කෙනෙක් නෙමෙයි.. ඔයා ඒක බංග්ලාදේශයෙන් අහන්න – දනංජය ද සිල්වා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි. පළමු තරඟය ජයගනිමින් තරඟ 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ පෙරමුණේ පසුවෙනවා.

දෙවන ටෙස්ට් තරඟයට පෙර මාද්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා තරඟයේ සූදානම පිළිබඳව පැහැදිලි කළා. ( ඔහු දැක්වූ අදහස් පහතින් )

මට එක දෙක තුන කියලා ෆාස්ට් බෝලර්ස්ලව වෙන්කරන්න බෑ නමුත් කවුරු හෝ වේවා එන කෙනා දැනගන්නෝනෙ එයාගෙ ජොබ් එක කරන්න. මන් හිතන්නෙ අසිත හොඳ ටෙස්ට් තරඟයක් ක්‍රීඩාකළා ලංකාවේ. ඉතින් මන් හිතනවා ඒ සපෝර්ට් එක මෙහෙදි ලැබෙයි කියලා.

හැමෝටම හැමදාම ලකුණු අතරට එන්න බෑ. ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු අතරට ආවොත් මට පන්දුවට පහරදෙන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

බලපු විදිහටනම් තණතීරුව ගොඩක් හොඳයි බැට් කරන්න. බැට්ස්මන්ලට ගොඩක් වාසිදායක වෙයි කියලා හිතනවා තණතීරුව.”

ශකීබ් අල් හසන්ගේ පැමිණීම පිළිබඳව බංග්ලාදේශ මාද්‍යවේදින් ඇසූ ප්‍රශ්ණ වලට දනංජය ද සිල්වා පිළිතුරු දුන්නේ මෙලෙසින්.

ශකීබ්ගෙ පැමිණීම වෙනසක් ඇති කරයිද ?

” ඒක තරඟයෙන් පසුවයි කියන්න පුලුවන් වෙන්නෙ. ”

ශකිබ් අල් හසන්ට එරෙහිව සැලසුමක් තියෙනවද ?

” දැන් මට ඒක කියන්න බෑ..”

ශකිබ් අල් හසන් ගැන කිසිවක් කතාකරන්නෙ නැද්ද ?

” ඇයි ? ඔහු මගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් නෙමෙයි. ඒක බංග්ලාදේශ නායකයාගෙන් අහන්න. ඇයි මම කතා කරන්නෙ. ඔයා වැරදි වැටහීමක් ඇතිකරගෙන..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button