RCB පරදා, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පහසු ජයක්. -
IPLLeague

RCB පරදා, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පහසු ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 10 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තාකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

පලමු පන්දුවට පහ‍ර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබාගත් නමුත්, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ පන්දුවාර 17ක් පමණක් වැය කරමිනි.

රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි පන්දු 59කදී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබාගැනීමට සමත්වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිම ආරම්භයේදීම වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට Sunil Narine සමත්වූ අතර ඔහු පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබාගැනීමට සමත්වුණා. (එම ඉනිම වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

ඊට අමතරව Venkatesh Iyer පන්දු 30කදී ලකුණු 50ක්, Phil Salt පන්දු 20කදී ලකුණු 30ක් හා, නායක Shreyas Iyer පන්දු 24කදී නොදැවී ලකුණු 39ක් ද ලබාගැනීමට සමත්වුණා.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ කඩුල්ලක් හා පිත්තෙන් ලකුණු 47ක් ලබාගත් Sunil Narine වේ.

Sunil Narine ගේ වේගවත් ඉනිම වීඩියෝ එක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button