All News
පලමු දිනයේ දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්රී ලංකාව 88 යි.
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය අද (30) ආරම්භක වූ අතර, කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමේ පලමු ඉනිම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබාදීමට දිමුත් කරුණාරත්න හා නිශාන් මදුශ්ක සමත්වුණා.
පලමු දිනයේ දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පන්දුවාර 27ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 88ක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, එහිදී නිශාන් මදුශ්ක දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකර ගැනීමට ද සමත්වුණා.
මේ වන විට දිමුත් කරුණාරත්න පන්දු 65කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් හා නිශාන් මදුශ්ක පන්දු 97කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබාගෙන සිටිනවා.