ක්‍රීඩකයින් අතටඅත දෙන අවස්තාවකදී පන්න ලසිත් මාලිංගව, හර්දික් පාන්ඩ්‍යා ඉවතට තල්ලු කරන ආකාරය -
Video

ක්‍රීඩකයින් අතටඅත දෙන අවස්තාවකදී පන්න ලසිත් මාලිංගව, හර්දික් පාන්ඩ්‍යා ඉවතට තල්ලු කරන ආකාරය

2024 IPL තරඟාවලිය මේ දිනවල පැවැත්වෙන අතර තරඟාවලියේ ප්‍රභලතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තමන් සහභාගී වූ පළමු තරඟ දෙකම පරාජයට පත්වීමට සිදුවුණා.

සන්රරයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා හැසිරුණු ආකාරය පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිවී තිබෙනවා.

තරඟයෙන් අනතුරුව ක්‍රීඩකයින් සුභපතමින් අතින් අත දෙන අවස්තාවකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලසිත් මාලිංගව, හර්දික් පාන්ඩ්‍යා විසින් ඉවතට තල්ලු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. ( එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි )

එලෙසම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන කීරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග එක ළඟ අසුන් දෙකක වාඩිවී සිටින අවස්තාවකදී එම ස්තානයට හර්දික් පාන්ඩ්‍යා පැමිණි අවස්තාවේදී ඔහුට අසුන ලබාදෙමින් ලසිත් මාලිංග එම ස්තානයෙන් ඉවත්ව යන වීඩියෝවක් ද නිකුත් වී තිබෙනවා.

( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button