කුසල් මෙන්ඩිස්ට තම 10 වන ටෙස්ට් ශතකය ලකුණු 7කින් මිස්වෙයි. -
Video

කුසල් මෙන්ඩිස්ට තම 10 වන ටෙස්ට් ශතකය ලකුණු 7කින් මිස්වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශය දෙවන් ටෙස්ට් තරඟයේදී, සාර්තක ඉනිමක් දියත් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූ අතර, ඔහු ලකුණු 93ක් ලබාසිටියදී ශකිබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩපන්දුවක් ලබාදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

දිමුත් කරුණාරත්නගේ දැවී යාමෙන් අනතුරුව, කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් තුන්වන කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳතාවක් ද එක් කිරීමට සමත්වූ අතර, කුසල් මෙන්ඩිස් දැවී යන විට ශ්‍රී ලංකාව ලකුණු 263ක් ලබාගෙන සිටියා.

මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක වාර්තාකර ගැනීමට ද සමත්වුණා. නිශාන් මදුශ්ක – ලකුණු 57 , දිමුත් කරුණාරත්න ලකුණු 86

කුසල් මෙන්ඩිස් දැවීගිය ආකාරය වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button