දෙවෙනි ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දනංජය ද සිල්වාට. -
All News

දෙවෙනි ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දනංජය ද සිල්වාට.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය අද (30) ආරම්භ වන අතර, පලමු තරඟය ජයගත් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය තහවුරු කර ගැනීමට, මෙම තරඟය ජයගැනීම හෝ ජය පරාජයෙන් තොරව හෝ තරඟය අවසන් කිරීමට සිදුවෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට මෙම තරඟය අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනවා.

බංග්ලාදේශය කණ්ඩායම ඔවුන්ගේ ඡේෂ්ඨ ක්‍රීඩක ශකිබ් අල් හසන්ව මෙම තරඟයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම –

Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis (wk), Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara, Vishwa Fernando

බංග්ලාදේශ කණ්ඩායම –

Mahmudul Hasan Joy, Zakir Hasan, Najmul Hossain Shanto (c), Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Hasan Mahmud

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button