ඩේවිඩ් වෝනර් දවාගැනීමට මතීෂ පතිරණ රැකගත් විශිෂ්ඨ උඩපන්දුව (Video)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 13 වන තරඟය ලෙස පැවැත්වෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයේ පලමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත්වුණා.
දිල්ලි ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් දෙදෙනාම වේගවත් ඉනිම් ක්‍රීඩා කළ අතර, පලමු කඩුල්ල ලෙස පන්දු 35කදි ලකුණ 52ක් ලබාසිටි ඩේවිඩ් වෝනර් මතීෂ පතිරණ අති විශිෂ්ඨ උඩපන්දු රැකීමක් හමුවේ දැවීගියා.
Prithvi Shaw ද පන්දු 27කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර, නායක රිශාබ් පාන්ට් ද පන්දු 32කදී ලකුණු ලකුණු 51ක් ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 31කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Mustafizur Rahman හා Jadeja එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබුවා.
මතීෂ පතිරණ රැකගත් විශිෂ්ඨ උඩපන්දු වීඩියෝ එක මෙන්න.