මට මැජික් එකක් කරලා අනාගතේ ගැන කියන්න කියලද කියන්නේ – නික් පොතාස් -
Conference

මට මැජික් එකක් කරලා අනාගතේ ගැන කියන්න කියලද කියන්නේ – නික් පොතාස්

බංග්ලාදේශ වැඩ බලන පුහුණුකරු නික් පොතාස් සමග මාධ්‍ය සාකච්චාවකදී දෙවන ටෙස්ට් තරගය හා ශකීබ්ගේ යලි පැමිනිම ගැන කතාවුනා. එහිදී ඔහු පැවසූ අදහස් නම්

අපි තවත් ටෙස්ට් තරගයකට සූදානම් වන ආකාරය වෙනසක් නෑ. සිදුවූ දේ ගැන අපි බලන්නෙ නෑ. ඉදිරිය ගැන බලලා කටයුතු කරනවා. ඒ නිසා අපි පාඩම් ඉගෙනගත්තා. උපක්‍රමය තමයි ඒ පාඩම් මගින් මේ ටෙස්ට් මැච් එකේදී ඒවා ක්‍රියාත්මක කරන්න් පුලුවන් වීම.

ශකීබ් නැවත කණ්ඩායමට පැමිනීම ගැන ඇසූ ප්‍රශ්නයට ඔහු මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

මම හිතන්නෙ ශකීබ් සිටින ඕනෑම කණ්ඩායමක් ඉතා වාසනාවන්තයි. අපි නැවත සාදරයෙන් පිලිගන්නවා. ඔහු විවේකාගාරයේ සිටීම සැමවිටම විශිෂ්ටයි. ඔහුගේ ශක්තිය ඉතාවටිනවා. නවක ක්‍රීඩකයන්ට ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ශකීබ් නැවත පැමිනෙන සෑම විටම එක කරනවා. ඒ නිසා ඔහු කණ්ඩායමේ සිටීම ඇත්තෙන්ම සතුටක්.

ශකීබ් ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. එහෙත් පිතිකරණය සහ කාලෙකින් කණ්ඩායමට ඇතුලත් වී ඔහුට දක්ෂතා දැක්වීමට හැකි වෙයිද? යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට ඔහු ලබාදුන්නෙ මෙසේයි.

ඔබ මගෙන් අහන්නේ අනාගතය කියන පලිගු බෝලයක් බලලා මැජික් එකක් කරලා මොකක්ද වෙන්නෙ කියලා කියන එක ද? මම ඔහුගෙන් බලාපොරොත්තු වෙන දේ කියන්නම්. ඔහු වෘත්තීමය ක්‍රීඩකයෙක්. කරන්න ඕනි දේ සහ නොකරන්න ඔනි දේ ඔහු දන්නව. ඒ තත්ත්වයන් වලට අනුගත වෙයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button