ශ්‍රී ලංකාව ලකුණු 400 සීමාවත් පසුකරයි. -
Video

ශ්‍රී ලංකාව ලකුණු 400 සීමාවත් පසුකරයි.

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ, ඊයේ (30) පලමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 314ක් ලබාසිටි අතර, දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 34ක් හා නායක දනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් ලබාගෙන සිටියා.

අද (31) දෙවන දිනය ආරම්භයේදීත් චන්දිමාල් හා දනංජය ද සිල්වා හොඳින් පන්දුවට පහර දුන් අතර, දිනේශ් චන්දිමාල් ටෙස්ට් දිවියේ 26 වන අර්ධ ශතකය රැස්කරගැනීමට සමත්වුණා. අනතුරුව ඔහු ලකුණු 59ක් ලබාසිටියදී දැවීගිය අතර, දනංජය ද සිල්වා ලකුණු 70ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දැවීගියා.

ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු 411ක් ලබාසිටි අතර, දනංජය ද සිල්වා දැවීයාමෙන් අනතුරුව පිටියේ රැඳීසිටි කමිඳු මෙන්ඩිස් සමඟින් එක්වූයේ ප්‍රබාද් ජයසූරියයි. 120 පන්දුවාරයේ අවසන් පන්දුවට ප්‍රබාද් ජයසූරිය ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙක් උත්සහා කළත්, ඔවුන්‍ට එය රැකගැනීමට නොහැකි වුණා.

එම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button