ශ්‍රී ලංකාව වසර 48 ක වාර්තාවක් බිඳ දමයි. -
Records

ශ්‍රී ලංකාව වසර 48 ක වාර්තාවක් බිඳ දමයි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ දෙවෙනි දිනය අවසන් වන විට බංග්ලාදේශය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස් කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 476 ක් පසුපසින් සිටියි.

අද(31) දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් රැස් කරගෙන සිටියා. දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 59 කට දවාගැනීමට ශකීබ් අල් හසන් සමත්වුනා. නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් රැස් කලා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 500 සීමාව පසු කිරීමේ වගකීම කරට ගත් කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92 ක් රැස් කලා. කමිදුට ශතකය වාර්තා කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගියේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවී යාම හේතුවෙන්.

කමිදු මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වුනේ තම පළමු ටෙස්ට් ඉනිම් 04 තුළ ලකුණු 50 ට වඩා ඉනිම් 04 ක් වාර්තා කල පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි. එලෙසම ලොව තෙවෙනි ක්‍රීඩකයා ලෙසත් ඔහු වාර්තා පොත් අතරට එක්වුනා. මෙම වාර්තාව හිමි අනෙක් දෙදෙනා වන්නේ ඕස්ට්‍රේලියානු ජාතික හර්බි කොලින්ස් (1920) හා සුනිල් ගවස්කාර්(1971)යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කලේ වසර 48 ක වාර්තාවක්ද බිඳ දමමින්. ඒ කිසිදු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ඉනිමක රෑස් කල ඉහළම ලකුණු වාර්තාව තමන් සතුකරගනිමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවූයේ ඉන්දීය කණ්ඩායමයි. ඒ නවසීලන්තයට එරෙහිව කාන්පූර් හී කඩුලු 09 කට රැස් කල ලකුණු 524 යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 06 දෙනෙකු අර්ධ ශතක වාර්තා කලත් ඒවා ශතක බවට පත් කරගැනීමට හැකිවූයේ නෑ.
කුසල් මෙන්ඩිස් 93
කමිදු මෙන්ඩිස් 92*
දිමුත් කරුණාරත්න 86
ධනංජය ද සිල්වා 70
දිනේෂ් චන්දිමාල් 59
නිෂාන් මදුෂ්ක 57

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button