නුවන් තුශාරට අද තරඟය ක්‍රීඩා කරන්න අවස්ථාවක්. -
IPLLeague

නුවන් තුශාරට අද තරඟය ක්‍රීඩා කරන්න අවස්ථාවක්.

මෙවර IPL තරඟාවලියේ 14 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟ වදින අතර, තරඟයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් නායක සන්ජු සැම්සැන් පලමුව පන්දු යැවීමට තීරණය කළා.

පසුගිය තරඟයේදී මුම්බායි පන්දු යවන්නන් හට සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවන් පහර පිට පහර එල්ල කරමින් IPL තරඟාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද වාර්තාකර ගත් නමුත්, මෙම තරඟය ද ඔවුන් කණ්ඩායමේ වෙනසක් නොමැතිව ක්‍රීඩා කිරීමට තීරණය කළ තිබෙනවා.

මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාර හට තරඟයේ 11 දෙනා ඇතුළට පැමිණීමට නොහැකි වූ නමුත්, කණ්ඩායමේ Impact list එක සඳහා ඔහුව නම් කර තිබෙනවා. ඒ අනුව ඔහුට අද තරඟය ක්‍රීඩා කිරීමට ද හැකියාවක් තිබෙනවා.

අද තරඟය ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.

 1 Rohit Sharma, 2 Ishan Kishan (wk), 3 Naman Dhir, 4 Tilak Varma, 5 Hardik Pandya (capt), 6 Tim David, 7 Gerald Coetzee 8 Piyush Chawla, 9 Akash Madhwal, 10 Jasprit Bumrah, 11 Kwena Maphaka

Impact subs – Nehal Wadhera, Shams Mulani, Romario Shepherd, Nuwan Thushara, Dewald Brevis

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button