ලිට්න් දාස් දක්ශ ක්‍රීඩකයෙක් කියලා අමතක කරන්න එපා – නික් පොතාස් -
Conference

ලිට්න් දාස් දක්ශ ක්‍රීඩකයෙක් කියලා අමතක කරන්න එපා – නික් පොතාස්

ශ්‍රී ලංකා බංග්ලාදේශය සචාරයේ අවසන් තරඟය වන දෙවන ටෙස්ට් තරඟය ආරම්භයට පෙර, බංග්ලාදේශ වැඩබලන පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. එහිදී, ප්‍රථම ටෙස්ට් තරගය පැවැති තණතීරුව සහ මෙම තණතීරුව මාධ්‍යවේදීයෙක් නැගූ පැනයට පෝතස් පිලිතුරු දුන්නෙ මෙසේයි.

ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට කතා කරලා හොද තණතීරුවක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කලා. ඉතින් ඔබ දන්නවා කණ්ඩායම් දෙකම එහි පන්දුවට පහර දෙන තුරු අපි දන්නෙ නැහැ කඩුල්ල මොන වගේද කියලා. නමුත් දවස අවසානයේ අපි ප්‍රතිඵල දෙස බලන්නෙ නැ. අපි බලන් ඉන්නෙ පොඩි පොඩි සටන් කරලා තරගයේ ජයග්‍රහණය විතරයි. තත්වයන් මොනවා උනත් අපි ඒවට අනුගත වෙන්න ඕනි.

බංග්ලාදේශය කණ්ඩායමේ පිතිකරණය ගැනද ඔහු මෙලෙස අදහස් දැක්වූවා.

මම හිතන්නෙ අපට ඉතා තරුණ සහ අත්දැකීම් අඩු කණ්ඩායමක් සිටිමේ කාරණය අපිට මග හැරී තිබෙනවා. මීට කලින් ප්‍රභලයින් රැසක් සිටියා. ඉතින් අපි ඉල්ලන එකම දේ ඉවසන්න. මේ අය ඉතා හොද තරුණ ක්‍රීඩකයින්. ඔවුන් පලපුරුදු කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කරනවා. අලුත් පරිසරයකට දැම්මම අපි එයාලගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැ. අපේ කණ්ඩායම ඉක්මනින් ඉහල දක්ෂතා අතරට පැමිණෙයි.

ලිටන් දාස් දක්ෂතා අතරක්නොමැති වීම පිලිබදව යොමු කල පැනයට ඔහු මෙලෙස සිය අදහස පල කලා.

ඔව් අපි කතා කරා එ පිලිබදව. ඔහු හොද තත්වයක ඉන්නවා. අපිට අවශ්‍ය ලිටන් වෙත පැමිණ තිබෙන පීඩනය ඉවත්කරගැනීමටයි. ලිටන්ට පීඩනය එන්නෙ පිටතින්. අපි ලිටන්ට ලිටන් වෙන්න දුන්නොත් මම හිතන්නේ ඔහුගෙ උපරිමය පෙන්නුම් කරයි. මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල අපි දිගටම ඔහු පිටුපසින් පන්නන්න යනවා. මේ අය දක්ෂ ක්‍රීඩකයන් කියලා අමතක කරන්න එපා. ඔවුනුත් මිනිස්සු. අපි ඔවුන්ට මිනිස්සු වගේ සැලකුවොත් සහ ඔහුට හොදම දේ කිරීමට ඔහුටම ඉඩ සැලසුවොත් මම ඔබට පොරොන්දු වෙනවා ඔහු ප්‍රතිඵල පෙන්නයි කියලා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button